මානව සංහතියේ වටිනාකම් නිර්ධය ලෙස පහත දමිමන් සාහසික ක්‍රියාවන්ට වටිනාකම් එක්කරන ආගමික අන්තවාද පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කල යුතු බව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.
පකිස්ථානයේදී ජිවිතක්ෂයට පත්වූ ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.
එවැනි ආකාරයේ ම්ලේච්ඡ ආගමික අන්තවාදයක් මෙරට තුල ඇති නොවීමටත් විපතට පත්වූ පවුලේ ඥාතීන් වෙනුවෙන් රජය මැදිහත් වී සාධාරණයක් ඉටුකල යුතු බවත් ඥාණසාර හිමියන් අවධාරණය කලා.