රජයේ පාසැල් වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති සඳහා අද දින සිට පාසල් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.
කෙසේ නමුත් අද දින පාසල් වලට ළමුන් ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදු වන බවයි අපගේ වාර්තාකරුවන් පවසන්නේ.
වසර එක හමාරක පමණ කාලයක් පාසැල් වලට නොගිය සිසුන් පාසල් වලට යෑමට හැකි වීම පිළිබඳ දෙමව්පියන් සතුට පළ කරනවා. කෙසේ නමුත් මේ දිනවල සමහර ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම් නිසා දරුවන් අතර corona ආසාදනය වීම දැඩි වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ .