රංජන්ට දුන් දඬුවම බරපතළ වැඩියි. – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

රන්ජන් රාමනායක ගේ සිරදඬුවම ලිහිල් කිරීමක් සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න  කළා.

එහිදී ඊට පිළිතුරු ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැක්වුවේ මෙවන් අදහසක්.

” මගේ පෞද්ගලික මතය රන්ජන් වැරද්දක් කළා.එකට ඔහුට දඬුවමක් ලැබුනා. ඒ තමයි ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි වීම. එය පුද්ගලයෙකුට ලැබෙන්න පුලුවන් විශාල දඬුවමක්. මට දැනෙන විදිහට රන්ජන්ට මේවගේ දඬුවම් දෙකක් ලබා දීම බරපතල වැඩියි. අපි කවුරුවත් ද්වේශසහගතව ඔහු දිහා බලන්නේ නැහැ. අපි ලබමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා”

1 COMMENT

Comments are closed.