දැනට බඩු මිල වැඩි කරන්නේ නෑ. – අමාත්‍ය රමේෂ් පතිරණ

කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර  ද්‍රව්‍යවල මිල දැනට වැඩි කිරීම සඳහා රජය විසින් තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අද පැවති කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හමුවේ දී ලංකා ඊ නිව්ස්  මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඔහු මෙලෙස ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් ලෝක වෙළෙඳ පොළේ එම භාණ්ඩ වලට ඇති මිල ඉහළ යෑම සහ රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහල යෑම සැලකිල්ලට ගෙන අනාගතයේ දී එම ද්‍රව්‍යවල මිළ ඉහළ යෑමක් සිදුවිය හැකි බවට ඔහු ඉඟියක් පළ කළේය.