සරත් වීරසේකර නිර්දෝෂයි. .

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා නිර්දෝෂ පුද්ගලයෙක් බව ජනතාව පවසනවා .

දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත ඔවුන්ගේ දේශීය නියෝජිතයන් විසින් ඔහුට විවිධ ආකාරයේ අපචාර චෝදනා එල්ල කළද ඔහු නිර්දෝෂි පුද්ගලයකු බව ඔවුන් පවසනවා .

කණිෂ්ඨ නාවික නිලධාරියකු ලෙස 1989 වසරේ භීෂණ සමයේදී  කළුතර ප්‍රදේශයේදි ඔහු කළ ඉමහත් සේවය  තවමත් එම ප්‍රදේශවාසීන්ට මතක බවත්, පසුව ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙකු ලෙස කුරිරු මිලේච්ඡ  ත්‍රස්තවාදය මැඩපැවැත්වීම  සඳහා ඔහුගෙන් සිදු වූ මෙහෙය අතිමහත් බවත් ජනතාව  පවසනවා.

දේශමාන්‍ය ලංකා පුත්‍රයකු ලෙස ජිනීවා නුවර දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තනිව හඬ නැගූ ඔහුට  මෙවන් අද්භූත චෝදනා එල්ල කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් බවයි ඔවුන් පවසන්නේ .

තරාතිරම නොබලා රටේ ඕනෑම  පුරවැසියෙකු ඔහුගෙන් උපකාරයක්  ඉල්ලූ විට එය නොපැකිලී ඉටුකරීීම නිසා ඔහුට විවිධ චෝදනා එල්ල කරන බවත් , මෙය හුදෙක් දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකාවේ සහ විදෙස්ගතව සිටින ඔවුන්ගේ මුදල්වලන් යැපෙන  පුද්ගලයන් ගේ ක්‍රියාවක් බවයි බහුතරයක් ජනතාව අවධාරනයෙන් පවසන්නේ.