රට වහන්නේ නැතිව ඔබේ නාසය සහ කට වහගන්න…. එවිට කොරෝනා මාරයා පරාජය කළ හැකියි.

රට වහන්නේ නැතිව ඔබේ නාසය සහ කට වහගන්න….

දයා ශ්‍රී‍ නරේන්ද්‍ර රාජපක්ෂ

 

කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා රජය ගතහැකි සියලුම පියවරයන් ගනිමින් සිටියදී , රට වහන්නෙ නැතුව කොරෝනා පාලනය කිරීමට නම් , පුරවැසි ඔබ සැමට සුවිශාල වගකීමක් පැවරී තිබේ. එනම් ඔබගේ කට සහ මුහුණ හොදින් ආවරණය කරගනිමින් , නිසි ආකාරයට නියමිත පරිදි මුහුණු ආවරණයක් පැළඳීමයි. අනෙකුත් සෞඛ්‍යය පිළිවෙත් පිළිපදිමින් , මෙම මුහුණු ආවරණය නිසි පරිදි පැළඳීම corona වැලැක්වීමට ඇති ප්‍රධානතම සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත ලෙස මුලු ලෝකයේම පිළිගැනීම වී තිබේ. එම නිසා පුරවැසි ඔබ සැම,මේ මොහොතේ ඔබගේ වගකීම ඉටුකිරීම යුතුකමක් කොට සලකන්න. එය ඔබගේ ජීවිතය ආරක්ෂා කිරීමට ද, හේතු වනවා ඇත.

මේහෙම කළොත් කොරොනාව පරාජය කළ හැක …………

කොරෝනා වෙන් වැළකෙන්න පුළුවන් ඔබට පමණි …………..

මේ වන විට ශීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින කොරෝනා රෝගයෙන් බේරී සිටිය හැක්කේ ඔබට පමණි. ඒ සඳහා ඔබ හෘද්‍යාංගයෙන්ම හා අවංකවම corona වළක්වන සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් පිළිපැදිය යුතුය. එවිට ඔබට corona වෙන් වැළකී සිටිය හැකිය. එනම් ,

(1) මුහුණු ආවරණය කටට, බෙල්ලට හා නලලට නොදමා නිසි ලෙස නාසය හා කට ආවරණය වන පරිදි, නිවැරදි ලෙස, පැලඳ සිටීම හා නිවසින් බැහැරව සිටින හැම මොහොතකම මුව ආවරණය පැළඳ ගෙන සිටීම.

(2) සමාජ දුරස්ථභාවය රැකීම – එනම් ඔබ මීටර් එකක්, දෙකකට (1-2) වඩා ඈතින් සිටිමින් දුරස්ථව සිටීම හා සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ජනාකීර්ණ ස්ථාන වලට නොයෑම.

(3) සමාජයට නිරාවරණය වූ හැම විටම, ඔබගේ දෙඅත්, නිසි පරිදි තත්පර තිහක්- හැටක් (30-60) පමණ විෂබීජ නාසක සබන් යොදා හොඳින් අතුල්ලා සෝදා ගැනීම හෝ විසබීජ නාසක ස්ප්‍රීතු දියරයකින් තම දෑතේ ඇඟිලි, අත්ල, තප්පර තිහක් (30) පමණ හොඳට අතුල්ලමින් පිරිසිදු කරගැනීම.

(4) තම දෑත් පිරිසිදු කර ගන්නේ නැතිව, මුහුණ, කට, ඇස්, නාසය, කම්මුල්, නළල ආදී ස්ථාන ස්පර්ශ කිරීමෙන් වැළකීම.

(5) ඔබ නිවසට යනවිට, දොර කඩ අසල දී, මුව ආවරණය ඉවත් කර, හොඳින් සිරුර සෝදා පිරිසුදු වී නිවෙසට ඇතුළු විය හැකි නම් වඩාත් ආරක්ෂිතය. එහිදී තමන් ඇද සිටි ඇඳුම් පැළඳුම් සෞඛ්‍ය ආරක්ෂිතව සෝදා දැමීමට පියවර ගන්නේ නම් වඩාත් හොඳය.

(6) එමෙන්ම වසංගත සමය තුළ මුදු, වළලු, ඔරලෝසු වැනි අතේ පළඳින ආභරණ පැළඳීමෙන් වැළකී සිටීමද ඉතා යහපත්ය.

(7) එසේම ඔබට උණ , කැස්ස , උගුරේ අමාරුව , සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය, ඇඟ පතේ රුදාව පවතින්නේ නම්, පළමු දිනයේදීම කිට්ටුම රෝහලට ගොස් වෛද්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඒ ගැන නොසලකා හැර කාලය ගත කරමින් සිටින්න එපා. ඒ වගේම ඔබ රැකියාවට යාමෙන් වලකින්න. එසේම නිවසින් පිටතට යාමෙන් ද වළකී නිවස තුළටම වී සිටීම ඉතා වැදගත්ය. එසේම ඔබ නිවසේ අන් අයගෙන් මීටර් දෙකක් වත් ඈතින් දුරස්ථ සිටීම ද වැදගත් ය.

එසේම ඔබ රෝගය ගැන කිසිම රෝග ලක්ෂණයක් නැති නිරෝගී අයකු වුවත්, ඉහත ආකාරයට, ආරක්ෂා වනවාට අමතරව මෙම මාසය තුළදීවත්, පහත සඳහන් ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම වඩාත් යහපත් වන බව මගේ අදහසයි. එනම්,

(1) වතුර හොඳින් නටන තුරු උණුකර එම වතුර, භාජනයකට දමා ඔබගේ මුහුණ, කට, නාසය එහි හුමාලයට විනාඩි තුනක් හතරක් (3-4) පමණ අල්ලන්න. මෙය දිනකට තුන්වරක් වත් කරන්නේ නම් වඩාත් හොඳය. අවම වශයෙන් දිනකට එක් වරක් වත් කරන්න.

(2) තේ කහට කෝප්පයකට සීනි දමා හෝ නො දමා දිනකට 4 වරක්වත් උණුවෙන් බොන්න.

(3) මඳක් උණුසුම් උණුවතුර දිනකට වාර ගණනක් පුරුද්දක් වශයෙන් බොන්න.

(4) ඉඟුරු කොත්තමල්ලි දියරය උණුසුම්ව දිනකට තුන්වරක් වත් බොන්න.

(5) සුදුළූණු තැම්බූ වතුර උණුවෙන් බොන්න. තැම්බූ සුදුළූණු කන්න.

(6) උදෑසන හෝ රාත්‍රියේ පහසු වෙලාවක සිත එකඟ කරගෙන භාවනා කරන්න. ( මෛත්‍රී භාවනාව හෝ ආනාපානසති භාවනාව