අද සිට (17) නිවසින් බැහැර යෑමට නව ක්‍රමවේදයක්

අද 17 අලුයම සිට සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  සඳහන් කරනවා .
හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණයි .

හැදුනුම්පතේ අවසාන අංකය ඔත්තේ නම් ඔත්තේ දිනවල පමණක් බැහැරට යෑමට  හැකිවන අතර, එම අංකය ඉරට්ටේ නම් බැහැර යා හැක්කේ ඉරට්ටේ දිනවල පමණයි .