ටීඑන්ඒ බොරුවලට රැවටෙන්න එපා – ආනන්ද සංගරී

යාපනයේදී මාධ්‍යවේදීන් පිරිසකට ඔහු පවසා  සිටියේ දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එක්ව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ අවධානය දිනා ගැනීම සඳහා  ඔවුන් මේ දිනවල පෙළපාලි යමින් සිටියත් ඔවුන්ගේ ඒ ඉල්ලීම් එකක් හෝ සාධාරණ ඉල්ලීම් නොවන බවයි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ උරුමයන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම කිසි දිනක සාර්ථක නොවන බව පෙන්වා දෙන ආනන්ද සංගරී හිටපු මන්ත‍්‍රීවරයා, දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජනතාව රවටමින් ගෙන යන මේ බොරු ප‍්‍රචාරයන් නිසා දෙමළ ජනතාව තව තවත් රැවටී අසරණ වන බවයි .

දෙමළ ජනතාවට අයිතිවාසිකම් ඉල්ලා සිටින දෙමළ දේශපාලනඥයන්ගේ දරුවන් විදේශ රටවල අධ්‍යාපනය ලබමින් රැුකියා කරමින් අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව පෙන්වා දෙන ආනන්ද සංගරී , දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා  යැයි කියමින් ඔවුන් මහපාරට ඇද දමා තිබීම තමන් තරයේම හෙළාදකින බවද පවසනවා .

දෙමළ දේශපාලන පක්ෂ ජිනීවා මානව හිමිකම් කොමිසමට කේලාම් කීමට වඩා කෙළින්ම ශ‍්‍රී ලංකා රජය සමග මුහුණට මුහුණ සාකච්ඡා  කොට  විසදුමක්  ලබා ගැනීම සියලූ දෙමළ ජනතාවට යහපතක් බවද  හිටපු මන්ත‍්‍රීවරයා පවසනවා .