බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උග්‍ර නිලධාරී හිඟතාවයක් පවතින බැවින් බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීම සඳහා පැවැත්වෙන අවසන් සම්මුඛ පරීක්ෂණ, දිවයිනේ පවතින covid – 19 වසංගත තත්ත්වය මත, කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැරව පැවැත්වීමට තීරණය කර තිබෙනවා .
ඒ අනුව අදාළ යෝග්‍යතා ඇගයිමේ සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් මධ්‍යස්ථානවල 2020.12.28, දින සිට පැවැත්වීමට කටයුතු කර ඇතිි බව එම දෙපාර්තමේන්තුව පවසනවා . මේ වන විට සියළුම අයඳුම්කරුවන් වෙත තැපැල් මාර්ගයෙන් කැඳවීම් ලිපි යොමුකර ඇතිි බවත් , එම සම්මුඛ පරීක්ෂණ
ශ්‍රී බෝධි ක්‍රීඩා සංකීර්ණය ගම්පහ.
එළිමහන් සිර කදවුර පල්ලෙකැල්ලේ.
රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගනය පොළොන්නරුව.
ශ්‍රී සුමංගල විද්‍යාලය වාරියපොළ.
බන්ධනාගාර ක්‍රීඩා සංකීර්ණය අඟුණකොළපැලැස්ස ස්ථානවල පැවැත්වෙන බව සඳහන් .
අයදුම්කරුවන් වෙත සෞඛ්‍ය උපදෙස් සහ සම්මුඛ පරීක්ෂණ විස්තර prisons.gov.lk වෙබ් අඩවියේ පළකර ඇතිි අතර ඒ අනුව කැදීවීම් ලිපි ලද අයදුම්කරුවන් විසින් ඉහත වෙබ් අඩවියට පිවිස වැඩි දුරටත් තොරතුරු ලබා ගත හැකිය. වන තෙක් කැඳවීම් ලිපි නොලද අයදුමිකරුවන්ට ද ඉහත වෙබ් අඩවිය පරිශීලනයකර ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබා තිබේ නම්, එහි සඳහන් උපදෙස් පරිදි අදාළ සමූඛ පරීක්ෂණ මධ්‍යස්ථානයට වෙත ඉදිරිපත් විය හැක.