0
56
views

ත්‍රීරෝද රථ රියදුරන්ට සහ යතුරුපැදිකරුවන්ට පණිවුඩයක්
ත්‍රීරෝද රථ රියදුරන්ට සහ යතුරුපැදිකරුවන්ට පණිවුඩයක්

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අද සිට ධාවනය කළ හැක්කේ වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා .

ඊයේ (15) රාජගිරිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු පැවසුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සෑම මංතීරුවකටම මාරු වෙමින් ධාවනය වෙන බැවින් එය ගැටලුවක් බවත් එයට ප්‍රතිකර්මයක් ලෙස එම තීරණය ගත් බවත්ය.

“ඒ නිසා අද දවස මේ කටයුත්තේ පෙරහුරුව යොදාගෙන තිබෙන අවසාන දිනය. ඒ නිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යතුරපැදිකරුවන්ගෙන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් අද දවසේ මේ අත්හදාබැලීම සාර්ථක කර ගැනීම සඳහා වම් කෙළවර ඇති බස් ප්‍රමුඛතා මංතීරුවෙන් පමණක් යතුරුපැදි, පාපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කරන්න,“ යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා .