මන්තීරු නීතිය කඩ කළොත් දඩය රුපියල් 2000 යි.

0
80
views

මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන් හෙට(17) සිට දඩ අය කරන බව, පොලීසිය පවසනවා .
කොළඹ රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පවසන්නේ මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන්, රුපියල් 2,000ක දඩයක් අය කරන බවයි.

මේ අතර, ක්‍රියාත්මක මංතීරු නීතිය පිළිබඳ සොයා බැලීමට යුද හමුදා පොලීසිය යොදවා තිබෙනවා .

පොලීසිය පවසන්නේ තෝරාගත් ස්ථාන 20 ක යුද හමුදා පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇති බවය.

මීට අමතරව මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල තත්ත්වයන් අධ්‍යනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා සහිත කණ්ඩායම් 04ක් ද යොදවා ඇති බව පොලීසිය පවසනවා .

එසේම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී කරගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසනවා .