එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජේවර්ධනට

0
58
views

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන පත්ව තිබෙනවා .
ඒ, අද සවස පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවති අවස්ථාවේදීය .

අද දිනයේ විශේෂයෙන් අවධානය යොමු කර තිබුනේ හිස්ව ඇති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවිය සඳහා කෙනෙකු පත්කර ගැනීම වෙනුවෙනි.

ඒ සඳහා අද රවී කරුණානායක හා රුවන් විජේවර්ධන ඉදිරිපත් වීම හේතුවෙන් රහස් ඡන්දයක් පවත්වා නියෝජ්‍ය නායකයා තෝරාගෙන තිබෙනවා .

එහිදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28 ක් ලැබී ඇති අතර රවී කරුණානායකට ලැබී ඇත්තේ ඡන්ද 10 ක් පමණි.

මේ අතර රනිල් වික්‍රමසිංහ ලබන ජනවාරි දක්වා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන බව වජිර අබේවර්ධන පවසනවා .