ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 9 වන මංගල සභා වාරය අද චාම් අන්දමට .

0
119
views

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ 9වන මංගල සභා වාරය අද පෙරවරු 9.30 ට ආරම්භ වෙනවා .
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් .

කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම පළමුව සිදුකිරීමට නියමිත අතර ඉන්
අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇති.

මෙවර පාර්ලිමේන්තුවේ
නව මන්ත්‍රීවරුන් 80 කට අධික සංඛ්‍යාවක් පත්ව තිබෙනවා එසේම
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩුව තිබියදී මෙවර පාර්ලිමේන්තුව රැස්වීම විශේෂත්වයක්.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පස්වරු 3 ට ඇරඹීමට නියමිත බවයි .

පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමෙන්තුව ඇමතීමට නියමිත ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එහි සියලුම උත්සව කටයුතු චාම් අන්දමට සිදු කිරීමට කටයුතු සලසා තිබෙනවා .