රුසියාව විසින් මේ වනවිට කොවිඩ් 19 මර්දනය කිරීමට නිපදවා ඇති එන්නත ලංකාවට ලබා දීමට සූදානම් බව රුසියානු රජය දැනුම් දී තිබෙනවා .
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී. මැටෙරේ විසින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත එය දැනුම් දී තිබෙනවා .
එහිදී රුසියානු තානාපතිවරයා දැනුම් දී ඇත්තේ ලංකා රජයෙන් දැනුම් දීමක් කළහොත් තම රට එම එන්නත ලබා දීමට සූදානම් බවයි .
මේ සම්බන්ධයෙන් ලංකාවේ සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කොට ඉදිරි පියවර ගැනීමට විදේශ අමාත්‍යංශය සූදානමින් සිටින බවද දැනගන්නට ලැබෙනවා .
පළමු වරට කොරෝනා එන්නතක් සාර්ථකව නිපදවා අත්හදා බලනු ලැබුවේ රුසියාව වන අතර එම එන්නත සිය දියණියට පවා ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබුණා .