එක රටක් – එක නීතියක් සංකල්පයට මරික්කාරයා ගෙන් දැඩි විරෝධයක්

0
289
views

එක රටක් – එක නීතියක් වන රජයේ සංකල්පයට මරික්කාර්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා .කෙසේ නමුත් ජනතාව ප්‍රතික්ෂේප කළ විපක්ෂයේ පුද්ගලයන් කරන ප්‍රකාශ ගණන් ගත යුතු නැතැයි ඇමති නාමල් පවසනවා .

එක රටක් – එක නීතියක් යටතේ රජය ගෙන යන වැඩපිළිවෙල අකර්මන්‍ය කිරීමට විපක්‍ෂය කිසිවිටෙකත් නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසනවා.

සමගි ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් පැවසුවේ එක රටක් – එක නීතියක් යටතේ ආණ්ඩුව වෙනත් න්‍යාය පත‍්‍රයන් ඉටු කිරීමට සූදානම් වන බවයි.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර පවසන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා ජනතා අභිලාෂයන් දුර්වල කිරීමට ආණ්ඩුවට ඉඩ නොතබන බවයි.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී විපක්‍ෂයේ මතය විමසීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍ය නාමල් රාජපක්‍ෂ පවසනවා .

යෝජිත නව ව්‍යවස්ථාව ගෙන ඒමේදී දේශපාලන පක්‍ෂවල බලපෑම්වලට නතු නොවන බව රාජ්‍ය ෂෙහාන් සේමසිංහද පවසනවා .