ජනතාව යහපාලන රජය ප්‍රතික්ෂේප කළා — රනිල් වික්‍රමසිංහ

0
44
views

පසුගිය ආණ්ඩු සමයේ වු අතපසුවීම් හේතුවෙන් ජනතාව තම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසනවා .
කෙසේ නමුත් තම පක්ෂයේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නොවන බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සංවිධාන කරන ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළේ.

එසේම ඔහු පැවසුවේ කොවිඩ් 19 වෛරසය රට තුල මැඩපැවැත්වීම සඳහා රජය ගෙන ගිය ක්‍රියාලියට සහය දැක්වුයේ එය නිවැරදිව සිදු බැවින් බවත් , ඇතැම් පිරිස් තමන් ආණ්ඩුව සමඟ රහස් ගනුදෙණු සිදුකරණ බවට අසත්‍ය ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කරනවා .

මහ මැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන ඩිජිටල් රැස්වීම් මාලාව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.