චීනයට කොරෝනා වෛරසය ඇතුල් වූයේ තම රටට ආනයනය කළ සැමන් තොගයක් මගින් බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති පවසනවා .
කොරෝනා වෛසරය පැතිරුණේ පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට නොව යුරෝපයේ සිට ආනයනය කෙරුණු සැමන් තොගයක් මගින් බව චීනය අනාවරණ කරගෙන ඇතැයි ජනාධිපති මාධය අංශය නිකුත් කළ නිවේදනයක ද සඳහන් වෙනවා .
එම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි ඇතුළු දූත පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති හමුවට අදාළවයි.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ , ජුනි 20 වැනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන් දිනයට සුබ පතමින් චීන ජනාධිපති ෂී ජිං පිං මහතා යොමු කළ ලිපියක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වු බවයි.
කොවිඩ් 19 වසංගතය මර්දනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ චීන ජනාධිපතිවරයාගේ ප්‍රසාදය දිනා ඇතැයි චීන දූත පිරිස මෙහිදී ජනාධිපතිතුමාට පවසා තිබේ.
කොරෝනා වෛසරය පැතිරුණේ පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට නොව යුරෝපයේ සිට ආනයනය කෙරුණු සැමන් තොගයක් මගින් බව ද චීන බලධාරීන් මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දෙපාර්ශවය තවත් ක්සේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා .