මාතර දිස්ත්‍රික්කයේ පලාටුවදී 1949 ජූනි 20 උපත ලද ගෝඨාභය රාජපක්ෂ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂයෙක්.
පාසල් අධ්‍යාපනයෙන් පසුව කැඩෙට් නිලධාරියෙකු ලෙස 1971 වසරේ අප්‍රේල් 26 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ ඔහු 1972 මැයි 25 වන දා දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි ආරම්භ කළා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස්, විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 1 වෙනි ගජබා රෙජිමේන්තුටත් අනුයුක්තව දෙවන අණදෙන නිලධාරීයකු ලෙස
සේවය කර ඇති ගොඨාභය රාජපක්ෂ රට වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබා දුන් නිලධාරීයෙක්.
ඔහු සියරට වෙනුවෙන් ඉටු කළ අනභිභවනිය මෙහෙවර වෙනුවෙන් රණවික්‍රම, රණශුර ආදි විශිෂ්ට පදම්කම්වලින් පිදුම් ලැබූ හමුදා නිලධාරියෙක්.
ලක් බිමේ ආරක්ෂක ලේකම්වරයකු ලෙස 30 වසරක ත්‍රස්තවාදය පරාජය කිරීමට, 2009 වසරේදී සිය සොහොයුරු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග එක්ව සිදු කළ ඉමහත් මෙහෙය නිසා ජනතා ප්‍රසාදයට පත් වූ නිලධාරියෙක් .
2019 වසරේ නොවැම්බර් 16 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජනතාවගේ බහුතර ඡන්දයෙන් මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තෙරි පත් විය. විධායක ජනාධිපති ධුරයට පත් වූ දින සිට මේ දක්වා ඔහු ඔහුගේ හැකියාව දක්ෂතාවය කැපවීම රට වෙනුවෙන් පෙන්නුම් කරමින් සිටිනවා.ජනාධිපතිතුමනි ඔබට සුභ උපන්දිනයක් වේවා .