දිවයින තුළ සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ

0
168
views

අද(03) රාත්‍රී 11.15 වන විට තවත් කො‍රෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 718 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

අද දිනයේ ආසාදිතයින් 12 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

මේ වන විට පුද්ගලයින් 527 දෙනෙක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර ලංකාවේ කොරෝනා ‍ආසාදිතයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .