පශු සම්පත් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා .
1964 වසරේ මැයි මස 29 වැනිදා උපත ලද
ආරුමුගන් තොණ්ඩමාන් දේශපාලනයේ නිරත වුණේ තම මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාගේ අඩිපාරේ යමින් ය.
1994 වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසුණුුු ඔහු
ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන් අතර මෙරට ප්‍රධාන පක්ෂ නායකයින් සමග සමීපව කටයුතු කළ දේශපාන නායකයෙකි.
වත්මන් අමාත්‍ය මණ්ඩලයේද සාමාජිකයෙකු වන ඔහු මින් පෙර විවිධ අමාත්‍ය ධුර හොබවමින් කඳුරට ජනතාවට විශාල සේවයක් ඉටු කළේ තිබෙනවා .
මීට පෙරද ඔහු පශු සම්පත් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරය කිහිපවරක්ම හොබවා තිබෙනවා .