අගමැති මහින්ද සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද

0
180
views

අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා .
අද පෙරවරු 10.30 අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම හමුව සඳහා පසුගිය දා විසුරුවා හැරි පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට හා 2010 සිට 2015 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය මාන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර තිබෙනවා .

මීට අමතරව මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම COVID 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ද සහභාගි වන බවයි සඳහන් වන්නේ .

කෙසේ නමුත් මෙම හමුව සඳහා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව මේ වනවිටත් දැනුම් දී තිබෙනවා .

කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානය පපවසන්නේ එම සාකච්ඡාව සඳහා තම පක්ෂය සහභාගී වන බවයි.