5 වන කොවිඩ් 19 මරණය වැලිකන්ද රෝහ⁣ලෙන්

වැලිකන්ද රෝහලේ සිටි කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා .

ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 40 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් මෙලෙස නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ .

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා .

මේ අතර ඊයේ රාත්‍රී වන විට ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් 159 ක් වාර්තා වු අතර සුවය ලබා රෝහ‍ල්වලින් පිටව ගිය සංඛ්‍යාව 24ක් .

එසේම තවත් රෝගීන් 131 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා .

කොවිඩ් 19 වෛරසය අසාධනය වුවන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරික්ෂණයන් සංඛ්‍යාත්මකව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරනවා .

මෙතෙක් හඳුනා ගෙන ඇති අසාධිතයන් ඇසුරුකළ පුද්ගලයින් සොයා කඩිනම් වෛද්‍ය පරික්ෂණයන් සඳහා යොමු කිරිමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ .