ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 271ක් දක්වා ඉහළට

අද(19) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 15 වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසනවා .

ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

මේ අතර අද දිනයේ කොරෝනා වෛරසය ආසාදිත තහවුරු කළ රෝගීන් 15දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කරමින් සිටින පිරිසක් බව ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වෙනවා .

මේ අතර අද දිනය සුවය ලබා ගිය රෝගීන් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා .