තුන්වන කොරෝනා මරණය පිළිබඳව වැඩිදුර තොරතුරු.

ඊයේ රාත්‍රී සිදු වූ කොරෝනා ආසාදිත තෙවන මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පහත සඳහන් වැඩි දුර තොරතුරු ප්‍රකාශ කරනවා .

මරණයට පත් වූ පුද්ගලයා 73 හැවිරිදි පිරිමි අයෙකු වන අතර ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මරණයට පත්වූ පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කර ගෙන ඇත්තේ ඊයේ දිනයේදීම ය .

එම රෝගියා හඳුනාගෙන IDH රෝහලට මාරු කරන අවස්ථාවේදී අවස්ථාවේ දී මියගොස් ගොස් ඇත .

මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයෙන් පෙලී ඇති බව හෙළිව ඇත.

මෙම රෝගියා රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේ දී බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා .