කොවිඩ් 19 ආසාදිත තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රාත්‍රීයේ එම පුද්ගලයා මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා .
මරදාන ප්‍රෙද්ශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන්නේ .
ඒ අනුව මෙරට සිදුවු කොවිඩ් 19 කොරෝනා මරණ සංඛ්‍යාව 3 ක්.
කොවිඩ් නයින්ටීන් රෝගීන් තිදෙනකු මරදාන, කුරුණෑගල සහ යාපනය ප්‍රදේශවලින් ඊයේ (01) හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා .
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ හමුව ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 146 ලෙසින්
ඉහළ ගොස් තිබෙනවා .
පසු ගිය මාර්තු 11 සිට මේ දක්වා කාලය තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිත වූ රෝගීන් 146 දෙනෙකු ලෙස වාර්තා වෙනවා .
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 21ක්.
ඒ අතරින් රෝගීන් දස දෙනෙකුම පුත්තලම සහිරා විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වීම විශේෂයක් .