කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතිනවා .
සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලබනවා .
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා .
අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබෙනවා .
කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .
කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා .