කැනඩා අගමැති බිරිඳටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි .

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ගේ බිරිඳ වන සොෆී ටෘඩෝ ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා .

කැනඩා අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිල වශයෙන් දැනුම් දුන් අතර මේ හේතුවෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාද දින 14ක් ස්වයං හුදෙකලාවී නිරෝධායනට ලක්වීමට තීරණය කළ බව කැනඩා රජය නිවේදනය කරනවා .

කැනඩා අග්‍රාමාත්‍යවරයාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්තවය යහපත් බවත් කැනඩා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා .