යුක්රේනයට අයත් ගුවන් යානයක් ඉරානයේ දී කඩා වැටෙයි .

යුක්රේනයට අයත් මගින් 180 රැගත් ගුවන් යානයක් ආසන්නයේදී ටෙහෙරාන් ඉමාම් කොමේනි ගුවන් තොටුපල ආසන්නයේ දී අනතුරට පත්ව තිබෙනවා . ටෙහෙරාන් ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන්ගත වී සුළු මොහොතකට පසු මෙම ගුවන් යානය කඩා වැටුණු බවයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ. ගුවන් යානය ගුවන් ගත වන අවස්ථාවේ දී මගින් 180 සිට ඇති බව වාර්තා වන අතර, යානයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම යානය කඩා වැටුණු බව සඳහන් වනවා .
කෙසේ වුවත් සමහර විදෙස් මාධ්‍ය ආරංචි පවසා සිටින්නේ මෙය ඉරානය සහ ඇමරිකාව අතර ඇතිවූ යුධමය තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම යානය අනතුරට පත් වූ බවයි.