උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා .
උපයන විට බද්ද මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයට අදාල වන අතර, එම පුද්ගලයින් බදු ගෙවීමට යටත් වෙන බවයි රජය සඳහන් කරන්නේ .
ඉතුරුම් ගිණුම්වල පොලිය මත අයකළ සියයට 5 ක රඳවා ගැනීමේ බද්ද අද දිනයේ සිට අහෝසි වෙනවා .
මීට අමතරව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද අය කිරීමේ සීමාව අද සිට කාර්තුවක් සදහා රුපියල් මිලියන 75 ක් දක්වා වෙනස් වන වනබව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා .
ඒ අනුව කාර්තුවට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් පවතින ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීම නතර කෙරෙනවා .