රුසියාව තුළ සිදුවීමට ගිය “ත්‍රස්තවාදී ක්‍රියාවක්” මැඩලීමට ඇමෙරිකාව සැපයු බුද්ධි තොරතුරු උපකාරීවීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති වල්දිමීර් පූතින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තුතිය පළ කර තිබෙනවා .
ඒ බව සඳහන් වන්නේ රුසියානු ජනාධිපති කාර්යාලය වන ක්‍රෙම්ලිනය නිකුත් කළ නිවේදනයකයි.
ජනාධිපතිවරුන් දෙපළ ඉරිදා ( දෙසැම්බර් 29) දුරකථනය ඔස්සේ ඒ පිළිබඳව සාකච්ඡා කළ බව ඉන් පැවසෙනවා .
අදාළ තොරතුර බුද්ධි සේවා හරහා පැමිණියද ඒ පිළිබඳ වැඩි යමක් ක්‍රෙම්ලිනය විසින් සඳහන් කර නොමැත .
රුසියානු මාධ්‍ය වාර්තා පවසන්නේ අලුත් අවුරුදු සමය තුළ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් අනාවරණය කරගැනීමට හැකි වූ බවයි .
රුසියානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ටාස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇති අතර රුසියානු බුද්ධි ඒජන්සිය වන එෆ්එස්බී ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ජන එකරාශියකට පහර දීමේ සැලසුමක් ව්‍යවර්ථ කරන ලද බවය.
ඇමෙරිකාව දුන් සහයට ප්‍රතිචාර ලෙස එරටට එරෙහි පවතින ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් ද තොරතුරු සැපයීමට ජනාධිපති පූතින් පොරොන්දු වූ බව ක්‍රෙම්ලිනය පවසනවා .