කප්පාදුවකින් තොරව ඉදිරි විදුලි බල අවශ්‍යතාවය සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැතුණා .
කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලීමක් සිටිනවා .
එමෙන්ම දෛනික විදුලි බල අවශ්‍යතාවය අඛණ්ඩව සැපයීම වෙනුවෙන් විකල්ප බලශක්ති උපයෝගිකර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා .
විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න තවත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වෙනත් රාජ්‍ය නිලධාරිහුද මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා .