කටුනායක ගුවන්තොටුපලේදී අයිස් සොයාගනී.

කටුනායක ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබෙනවා .

එහිදී ‍ඉන්දියාවේ චෙන්නායි මෙරටට පැමිණී ශ්‍රී ලාංකීය පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී ඔහු රැගෙන පැමිණි ගමන් බෑගයේ ව්‍යාජ පතුලක් තුළ සඟවා තිබූ මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 901 ක් සොයාගෙන ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසනවා .