බුර්කාව තහනම් කිරිමට යෝජනාවක්

මුස්ලිම් ජාතික කාන්තාවන් විසින් භාවිතා කරන බුර්කාව ඉවත් කර ගන්නා ලෙස මුස්ලිම් ආගමික සංවිධාන ඉදිරියේදී දැනුම්දෙනු ඇතැයි එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසනවා .

මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මේ පිලි සාකච්ඡා කළ බව රහුමාන් මන්ත්‍රිවරයා සඳහන් කරනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද(23) පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සඳහන් කළ අතර
බුර්කාව යොදාගෙන සම්පූර්ණයෙන් මුහුණ වැසීම ඉස්ලාම් ආගමින් අනුමත කර නොමැති බවත්,මුස්ලිම් සමාජයේ බහුතරයක් කාන්තාවන් එය නොපලඳින බවත් පවසන රහුමාන් බුර්කාව ඉවත් කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන බව කියා සිටිනවා .

තවදුරටත් මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මාරසිංහ පවසා සිටියේ අද(23) පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.