අද උදෑසන ස්ථාන 6 ක ඇති වූ පිපිරීම් කිහිපයකින් 250 කට අධික පිරිසකට තුවාල

කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව දේවස්ථාන තුනක් සහ කොළඹ තරු පන්තියේ හෝටල් ඇතුළු ස්ථාන 6 ක අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා .

එසේ පිපිරීම්කො වලට ල වූ හෝටල් වනුයේ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය බව වාර්තා වෙනවා

අද උදෑසන 8.45ට පමණ මෙම සිදුවීම් ඇති වී තිබූ අතර ඒ හේතුවෙන් තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළු කරමින් පවතින බවද පොලීසිය සඳහන් කරනවා.

මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 42 කට අධික ප්‍රමාණයක් මේ වන විට කොළඹ ජාතික රෝහලට ගෙනවිත් ඇති අතර තුවාල ලැබුවන් 280 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයිද තුවාල ලැබුවන් අතර විදේශිකයින් විශාල පිරිසක් සිටින බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා .

කොළඹ අගරදරගුරු නිල නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති අතර මේවනවිට සියලු දේවමෙහෙයන්ද අවලංගු කර තිබෙනවා .
එසේ ම මේ වන විට ප්‍රදේශයන්හි ආරක්ෂාව තර කර ඇති බව සඳහන් වෙනවා .