මෙම ආණ්ඩුව පවතින තුරු මහ බැංකු මංකොල්ල කරුවන්ට දඬුවම් දිය නොහැකියි – ජනාධිපති

ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය බවට සැලකෙන මහ බැංකු වංචාව ගැන සෙවීමට තමන් පත්කළ කොමිසම මගින් එහි වැරදිකරුවන් රටට හෙළි කර ඇති නමුත් ඔවුනට ඔවුන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු එම වරදකරුවන්ට දඬුවම් දීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසා සිටිනවා.

ජීවිත ගණනාවක් අහිමි කළ කොළොන්නාවේ කුණු කන්දටත් වැඩි කුණු කන්දක් මහ බැංකු මංකොල්ලය හරහා ආණ්ඩුව ඇඟට දමා ගත් බවද ජනාධිපතිවරයා පවසා සිටිනවා.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ආණ්ඩුවක් නොමැති නම් ඔහු ගෙන්විය නොහැකි බව ද, මේ සම්බන්ධයෙන් එම කොමිසම මගින් වෝහාරික විගණනයක් කරන ලෙස නිර්දේශ කර ඇතත් එවැන්නක් තවම ආරම්භ වි නොමැති බව ජනාධිපතිතුමා පවසනවා.