ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වනවා – ජනාධිපති

කවුරු කෙසේ කීවත් ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මාධ්‍ය වල විවිධ කතා පැවතුනද, කවුරු කෙසේ පැවසුවද, ජනාධිපතිවරණය පවත්වන්නේ පළාත් සභා මැතිවරණයට පසු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ. ව්‍යවස්ථාමය ප්‍රශ්න විසඳාගෙන කෙසේ හෝ පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙරපවත්වන බව ඔහු අවධාරණය කරනවා. ඔහු මේ බව පැවසුවේ අද (09) පොළොන්නරුවේ පැවති රැස්වීමකදී ය.