සුබ මොහොතින් මහින්ද විපක්ෂ නායක කාර්යාලය වැඩ අරඹයි.

අද පෙරවරු 8.45 ට යෙදුණු සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කරනු ලැබුවා. ඔහුට මෙසේ විපක්ෂනායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රමාද වූයේ හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් විසින් විපක්ෂ නායක කාර්යාලය භාරදීම සිදු නොවූ නිසාය. පසුව එම කටයුතු නීතියානුකූලව සිදුවීම නිසා මෙසේ මහින්ද රාජපක්ෂ නීතියානුකූල විපක්ෂනායක කාර්යාලීය වැඩ ආරම්භ කරනු ලැබුවා.