ජනපති සාධාරණයි එජාපයෙන් නව මතයක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය බොහෝ දුරට සාධාරණ බව එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් පවසනවා. වැඩි දුරටත් ඔවුන් අප සමඟ පවසා සිටියේ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකු වන කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාසට අගමැති වශයෙන් පත් වීමට ආරාධනා කර තිබියදීත් ඔවුන් අගමැතිකම භාර නොගැනීම තුළ ජනාධිපතිවරයාට වෙනත් විකල්පයක් නොතිබුණු බවයි සඳහන් කරන්නේ. කරු ජයසූරියට හෝ සජිත් ප්‍රේමදාසට අගමැතිකම සඳහා ආරාධනා නොකර එක එල්ලේ මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කළා නම් එය අසාධාරණයක් වීමට ඉඩ තිබුණු බවයි ඔවුන් තවදුරටත් පවසා සිටියේ. පක්ෂය තුල රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට අකමැත්තක් දක්වන බොහෝ පිරිසක් සිටින බව පවසන ඔවුන් සජිත් ප්‍රේමදාස නායකයා වීමට සුදුසු බවයි පවසන්නේ. එනමුත් ඔහුට අගමැතිකම ලබා දීමට කටයුතු කර තිබියදී එය ලබා නොගැනීම තුළ ඔහුගේ නායකත්වය පිළිබඳ දෙවරක් සිතීමට කාලය එළඹ ඇති බවත් වැඩිදුරටත් ඔවුන් පවසා සිටිනවා.