එජාපයේ බල පෙරළියක් නායකත්වය සජිත්ට ?

මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ බල පෙරළියක් සිදු වෙමින් පවතින බවත් ඒ  අනුව වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ ඉවත්කර නායකත්වය ියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. එජාප නායකයන් බහුතරයකගේ අදහස වී ඇත්තේ සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වය සඳහා පත්විය යුතු බවයි. එජාපයට සම්බන්ධ එජාපයේ ප්‍රබලයන් කිහිප කිහිපදෙනකු අප සමග පැවසුවේ කඩිනමින් එම කටයුත්ත සිදු වන බවයි. වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ බිම් මට්ටමේ එජාප පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරන බවයි. රනිල් වික්‍රමසිංහට කිසිදු රාජයෝගයක් නොමැති බව පවසන ඔවුන් රාජ යෝගයක් ඇති පුද්ගලයකු නායකත්වය සඳහා පත්කර ගත යුතු බව ද වැඩිදුරටත් සඳහන් කරනවා. එසේම එජාපයේ තවත් ප්‍රබලයෙකු අප සමඟ පැවසුවේ එජාපය තුළ රාජ යෝගය සහිත පුද්ගලයන් කීප දෙනෙක් සිටින බවයි. ඔවුන්ගෙ ප්‍රමුඛත්වය ලැබෙන්නේ චම්පික රණවකට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. එනමුත් එජාපය තුල චම්පික රණවකට කිසිදු පිළිගැනීමක් නොමැති නිසා ඔහුට නායකත්වයනායකත්වය සඳහා ඇති හැකියාව අල්ප බවයි සඳහන් කරන්නේ.