විජයකලා අත්අඩංගුවට

0
137
views
ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියාකරමින් විජයකලා මහේෂ්වරන්   අත්අඩංගුවට ගත් බවත් එසේම ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත  බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා.