පොහොට්ටුවේ නායකත්වය මහින්දට ?

0
190
views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පක්‍ෂ නායකත්වය බාරගන්නැයි ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ඉල්ලීමක් කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්  පවසනවා.ඔහු පක්ෂයෙ නායකයා වීමේ කාලය දැන් උදා වී ඇති බව ඔහු පවසනවා.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටිමින් වෙනත් පක්‍ෂය සාමාජිකත්වය බාරගැනීමෙන් හිටපු ජනාධිපතිවරයාගේ මන්ත‍්‍රීධූරය අහිමිවීමේ අවදානමක් නැතැයිද ජී එල් පීරිස් පවසනවා. කෙසේ නමුත් එවැනි අවධානමක් මතුවුවහොත් ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද  හෙතෙම පවසනවා.