පොලිස්පති – කඩිනමින් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කළ යුතුයි – ජනපති

0
240
views

පොලිස්පතිගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් 

වත්මන් පොලිස්පතිවරයා විවේචනය කර ඇති ජනාධිපතිතුමා ඔහුගේ නොමනා හැසිරීම් නිසා වැඩියෙන්ම බැනුම් අහන්නේ තමන් සහ අගමැතිවරයා බවද පවසා ඇතැයි සඳහන් වෙනවා .  එසේම පොලිසියේ නිලධාරීන්ගේ විනයන් පිරිහි , හික්මීමත් පිරිහී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා එය වහා නිවැරදි කළ යුතු බව සඳහන් කර තිබෙනවා.

ඇතැමුන් අපරාධ අඩුවී ඇති බවට කරනා ප්‍රකාශ පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා ගේ සහායට ඇමැති විජයදාස රාජපක්ෂ ද අදහස් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.

මෙම අවස්ථාවේදී ඊට මැදිහත් වී ඇති පොලිසිය භාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර  පවසා ඇත්තේ අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් පැහැදිලිව තිබෙන බවත්, සිදුව ඇත්තේ මාධ්‍ය වලින් අපරාධ හුවා  දැක්වීමක් බවය. ඔහුට සහය පිණිස අදහස් දක්වා ඇති මංගල සමරවීර රට තුළ අපරාධ විශාල වශයෙන් අඩුවී ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා. අපරාධ වැඩි වී ඇති බව පවසන්නේ මාධ්‍ය වලින්  බව පවසා ඇති ඔහු එම මාධ්‍ය සංදර්ශන වල අරමුණ රට අස්ථාවර කිරීම බව පවසා තිබෙනවා.

කෙසේ නමුත් ඒ සියල්ලට එරෙහිව ජනාධිපතිවරයා  පවසා ඇත්තේ කවුරු කුමක් කිවේද පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැහැදීමක් නැති බවය.