නාලක සිල්වා කඩිනමින් අත්අඩංගුවට

0
289
views
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ  ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළව නාමල් කුමාරගේ විසින් ලබාදුන් හඬපටයේ අඩංගු වන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා මේ කුමන්ත්‍රණය අනාවරණය කළ නාමල් කුමාරගේ කටහඬවල් බව රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පරීක්‍ෂණ මගින් මේ වනවිට තහවුරු කර ඇති හෙයින්, නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු වන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.