නායකත්වය බාර ගන්න සූදානම් – මහින්ද රාජපක්‍ෂ

0
255
views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමට තමන් සූදානම්  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. මෙතුවක් කල් රජයේ ගෙන ගිය චරිත ඝාතන වැඩපිළිවෙළින්  එහා ගිය වැඩපිළිවෙළක් තිබේදැයි ඔහු ප්‍රශ්න කරනවා

මේ බව ඔහු ප්‍රකාශ කළේ අද (03) ඔහුගේ නිල නිවසේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගෙ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනුයි. එම රැස්වීමේදී පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද තීරණය කර තිබෙනවා.