ජනවාරි 22 දා උසාවි එන්නැයි වත්මන් ජනපතිට – අගමැතිට නොතීසි

0
224
views

ජනවාරි 22 දා උසාවි එන්නැයි

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර ගිවිසුමක් ඇති බවට කූට ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා ලබන වසරේ ජනවාරි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට අද (9) සිතාසි නිකුත් කර තිබෙනවා.                  

පස්වැනි වතාවට මෙම නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දෙමින් ඔවුනට මෙලෙස සිතාසි නිකුත්  කරනු ලැබූවේ. අද දින මෙම නඩුවේ විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක අධිකරණයේ පෙනී සිටිමුත් එම නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති හෝ  අගමැති අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.