1990 සුවසැරිය ගිලන් රථ සේවයේ දෙවැනි අදියර ඇරැඹේ

0
103
views

සුවසැරිය 1990 ගිලන්රථ සේවාව රටපුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණා .

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද මෙම උත්සව අවස්ථාව සඳහා සම්බන්ධ වීම විශේෂ සිද්ධියක් වුණා. මෙහි පළමු අදියර සඳහා මෙන්ම මෙම දෙවන අදියර සඳහා ද ඉන්දීය රජයෙන් යළි නොගෙවිය යුතු ප‍්‍රදානයක් ලෙස ලැබුණු ඩොලර් මිලියන 15.02 ක පරිත්‍යාගයක් ලබා දී තිබෙනවා . ඒ අනුව සුවසැරිය ගිලන්රථ සේවය සඳහා ගිලන්රථ 297 සහ කාර්ය මණ්ඩලය 1998 දක්වා ඉහළ නැංවෙනවා.

මෙහි පළමු අදියර යටතේ බස්නාහිර හා දකුණු පළාත් වල නොමිලේ මෙම සේවය සැපයෙන අතර දෙවන අදියර යටතේ සමස්ථ දිවයිනේම එය ක‍්‍රියාත්මක වීමට නියමිතය.