‘වෘත්තීය සමිති කිහිපයකට අවශ්‍ය විදියට හෙට පාසල් වහන්න දෙන්නේ නෑ‘

0
348
views

 

වෘත්තීය සමිති කිහිපයකකට අවශ්‍ය පරිදි හෙට දිනයේ පාසල් වසා දැමිමට ඉඩ නොදෙන බවත් කලින් යොදා ගත් පරිදි පාසල් වාර විභාග පැවැත්විමට කටයුතු කරන බවත් ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප‍්‍රියන්ත පත්බේරිය පවසනවා .

පාසල් වාර විභාග කටයුතු සහ අධ්‍යාපන කටයුතු වලට බාධා කරන්නන් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක‍්‍රියාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලිමක් කරන බවත්, ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයන් බළහත්කාරයෙන් පාසල් තුළට ඇතුලූ වි පාසල් වසා දමන ලෙසට තර්ජනය කර ඇති බවටත් තොරතුරු තම සංගමය වෙත ලැබි ඇති බව අද(25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පත්බේරිය පවසා සිටියා.

සුදුසුකම් නැති අයට දේශපාලන පත්විම් හා උසස් වීම් ලබා දි ඇති බවට මේ අය නඟන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රත්ක්ෂේප කරන බවද පත්විම් හා උසස් වීම් ලබා දි ඇති ලැයිස්තු තුළ අනිකුත් දේශපාලන පක්ෂ වල සාමාජිකයන්, වෙනත් වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුලූ පිරිසක් සිටින බවද ප‍්‍රියන්ත පත්බේරිය එහිදි වැඩිදුරටත් පවසා සිටියා .