කවුරුන් එපා කිව්වත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා – ජනාධිපති

0
332
views

කෙසේ කුමන විරෝධතා මතු වුවත්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අද (21) පොලොන්නරුවේදී පවසා සිටියා .

‘යහපත් සමාජයක් සෑදීමට හොඳින් කියලා බැරිනම් සමහර විට ලෝකයේ බොහෝ රටවල් වගේ නරකින් කරන්න සිදුවන බව පවසා සිටියේ

චීන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිකිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනුයි .

ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන කිහිප දෙනෙකු උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන බවට ගෙන යන ප‍්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව පවසන ජනාධිපතිවරයා මරණීය දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීමට එරෙහි යම් යම් උදවිය විරෝධතා ඉදිරිපත් කරන නමුත් ඒ අය මේ මහා විනාශකාරී දේ වැලැක්වීමට කිසිම සහයෝගයක් ලබාදී නැතැයි ද පවසා සිටිනවා. එදා නාගරික ප‍්‍රදේශය වල පමණක් තිබූ මත් කුඩු මත් පෙති අද ලංකාවේ ඈත පිටිසර ප‍්‍රදේශ වලද තිබෙන පවසන ජනාධිපතිවරයාවරයා පාසල් දරුවන් පවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා යොදවා ගනු ලැබ ඇති බව සඳහන් කරනවා .

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අද්හස් දැක්වූ මෛත‍්‍රීපාල සිරිසේන ලබන සතියේ නීති, අධිකරණ, බන්ධනාගාර ඇතුළු ඊට අදාල ආයතන ප‍්‍රධානීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බවත් ඉන් පසුව ඒ කමිටුව ම`ගින් මරණීය දණ්ඩණයට යටත් කරන පුද්ගලයින් සහ එයට අද අදාළ දින වකවානු සියල්ල තීන්දු කරනු ඇති බවද පවසා සිටියා .