රෝහණ විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස චිත්‍රාංගනී විජේවීර ගෙන් පෙත්සමක්

0
325
views

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර වන සිය සැමියා අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති එබැවින් ඔහුව වහා අධීකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කරනු ලැබුවා .
නීතිඥයකුගේ මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණි හෙට්ටිආරච්චි ඇතුළු 11 දෙනෙකුයි.