පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට – අකිල විරාජ් කාරියවසම්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇති පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසනවා.

පවතින නව මැතිවරණ ක්‍රමය සම්බන්ධව ගැටලු රැසක් ඇතිබව දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන මෙන්ම බුද්ධිමතුන් කරුණු දක්වා තිබෙන බවද ඒ පිළිබඳව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේ දී අවධානය යොමු කළ බවද අකිල විරාජ් කාරියවසම් පවසනවා .

නව මැතිවරණ ක්‍රමය යටතේ බලය ලබාගත් කිසිදු පක්ෂයට පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි තත්වයක් ඇතුළු ගැටළු රැසක් මතුව තිබෙන හෙයින් අවශ්‍ය සංශෝධන සිදුකරන තුරු පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය හෙවත් සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතු බව තම පක්ෂයේ අදහස් බව ඔහු පවසා සිටිනවා .